ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති පූජනීය ස්ථාන
මදරසිංහාරාමය පුරාණ විහාරය
ඇහැලියගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයකි. මෙම විහාරස්ථානය නුවර යුගයේ ඉදිවූවක් වීම ඊට නිදසුන් සපයයි. තව ද මෙම විහාරස්ථානය පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථානයක් වශයෙන් නම් කර ඇත. නුවර යුගයට අයත් බිතු සිතුවම් සහිත විහාර ගෙය මෙම විහාරස්ථානයේ ඉපැරණි බව හා සුවිශේෂත්වය අරුත් දක්වනු ලැබේ.
අඹන්ඔළුව රජමහා විහාරය
ඇහැලියගොඩ නගරයට මදක් දුරින් පිහිටා ඇති මෝරගල වසමේ කඳුගැටයක් මත මෙම විහාරය පිහිටා තිබේ. පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථානයක් මෙම විහාරස්ථානය ස්‍රප%සිද්ථ වී ඇත. තව ද මෙම ඓතිහාසික විහාරස්ථනය අනුරාධපුර රාජ්‍ය කාලයේ රජ කළ වළගම්බා රජු සැඟව සිටි ස්ථානයක් ලෙස සැලකේ. ගල් ලෙනක් තුළ පිහිටා තිබීම මෙහි සුවිශේෂීත්වයකි. පැරණි විහාර ගෙයි මහනුවර යුගයට අයත් චිත්‍ර දක්නට ලැබේ.
මාහර පුරාණ විහාරය
මෙම විහාරස්ථානය ඇහැලියගොඩ නගරයට මදක් නුදුරින් පිහිටි මාහර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පිහිටා තිබේ. වසර 400ක් පමණ පැරණි මෙම විහාරස්ථානය ඇහැලියගොඩ බල ප්‍රදේශයේ පිහිටි තවත් එක් ඓතිහාසික වැදගත්කමකින් යුත් විහාරස්ථානයකි. මෙහි විහාර ගෙයි මහනුවර යුගයට අයත් චිත්‍ර රාශියක් දක්නට ලැබේ.
දෙනගමුව රජ මහා විහාරය
ඇහැලියගොඩ ඉද්දමල්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. අවසන් මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ අතීතයේ දී මෙම විහාරස්ථානය වෙත වැඩම කළා යැයි සැලකේ. මෙම විහාරස්ථානයේ ද අලංකාර බිතු සිතුවම් රාශියක් දක්නට ලැබේ.
මාරඹේ පුරාණ විහාරස්ථානය
ගැටහැත්ත කරඳන මාර්ගයේ මාරඹේ නගරය මධ්‍යයේ පිහිටි මෙම ඉපැරණි මාරඹේ පුරාණ විහාරස්ථානය ගැටහැත්ත, මාරඹේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධානතම බෞද්ධාගමික සිද්ධස්ථානයයි. මෙම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන සෑම වර්ෂයකම පෙබරවාරි මස අග හා මාර්තු මස මුල් කාල සීමාව තුළ, ඉපැරණි වතාවත් අනුකූලව උත්සවශ්‍රීයෙන් යුක්තව ප්‍රදේශය පුරා වීදි සංචාරය කරමින් පවත්වනු ලබන ප්‍රදේශය පුරා වීදි සංචාරය දේවදූත පෙරහැර අතිසුවිශේෂී වූවකි.
ශ්‍රී මුරුගන් හින්දු කෝවිල
ඇහැලියගොඩ නගරය තුළ පිහිටි ප්‍රධානතම හින්දු ආගමික සිද්ධස්ථානය වන මෙම ශ්‍රී මුරුගන් හින්දු කෝවිල ඇහැලියගොඩ පොලිස් ස්ථානයට තරමක් ඔබ්බෙන් පිහිටා ඇත. දිනපතා සිදුවන නිත්‍ය පූජාවන්ට අමතරව වාර්ෂිකව කන්ද සස්ථි පූජාව, මහා ශීව රාත්‍රී පූජාව, සරස්වතී පූජාව වැනි හින්දු ආගමික පුද ජූජාවන් රැසක් වඩාත් උත්කර්ෂණීය අයුරින් මෙම හින්දු කෝවිල මූලිකත්වයෙන් පවත්වනු ලැබේ.
බසාර් ජුම්මා මුස්ලිම් පල්ලිය
ඇහැලියගොඩ නගරය තුළ පිහිටි ප්‍රධානතම ඉස්ලාම් ආගමික දේවස්ථානය වන මෙම බසාර් ජුම්මා මුස්ලිම් පල්ලිය, ඇහැලියගොඩ කිරිඇල්ල ප්‍රධාන මාර්ගයත් ඇහැලියගොඩ අස්ගඟුල මාර්ගයත් අතර මැද, පිහියා ඇත. නගර තුළ සිටින මෙන්ම නගරයෙන් බැහැර අවට ප්‍රදේශවාසී බොහෝ ඉස්ලාම් භක්තිකයින් රැසක් දෛනික ආගමික වතාවත් සඳහා මෙම පල්ලිය වෙත පැමිණෙනු ලැබේ.
අස්ගඟුල ජුම්මා මුස්ලිම් පල්ලිය
මාර්ග සිතියම
ඉස්ලාම් භක්තියකයින් වැඩි පිරිසක් ජීවත් වන ප්‍රදේශයක් වන ඇහැලියගොඩ බල ප්‍රදේශයේ පිහිටි අස්ගඟුල ග්‍රාමයේ පිහිටි ප්‍රධානතම ඉස්ලාම් ආගමික දේවස්ථානය ලෙස මෙම ජුම්මා මුස්ලිම් පල්ලිය හඳුන්වාගත හැකිය.
ශාන්ත තෙරේසා ක්‍රිස්තියානි පල්ලිය
බ්‍රිතාන්‍ය යුගයේ දී ඉදිවූවා යැයි සැලකෙන ශාන්ත තෙරේසා ක්‍රිස්තියානි පල්ලිය, වසර 450ක් පමණ පැරණි බව සැලකේ. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය ආසන්නයේ දිවුරුම්පිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පිහිටා ඇත.
ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් ක්‍රිස්තියානි පල්ලිය
ඇහැලියගොඩ නගරය තුළ පිහිටි එකම කිතුණු දේවස්ථානය වශයෙන් හඳනාගත හැකි මෙම ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් ක්‍රිස්තියානි පල්ලිය ඇහැලියගොඩ මූලික රෝහළ ඉදිරිපිට පිහිටා ඇත. තම කිතුණු බැතිමතුන් ප්‍රමුඛව වාර්ෂිකව කිතුණු ආගමික දේවමෙහෙයන් වඩාත් උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන අතර ඒ අතුරින් සෑම වර්ෂයකදීම ඇහැලියගොඩ නගරය පුරා වීදි සංචාරය කරනු ලබන දේව පෙරහැර අවස්ථා වඩාත් විචිත්‍රවත් වේ.