ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය

වරිපනම් බදු 

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 146 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1524 හා 2007-11-16 දිනැති ගැසට් පත්‍රය යටතේ හා අංක 1617 හා 2009-08-28 දිනැති ගැස‍ට් පත්‍රය යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දියුණු කළ ප්‍රදේශ යැයි ප්‍රකාශයට පත්කර ඇත්තා වූ ප්‍රදේශය ඇතුළත පිහිටි නිවාසවල, ගොඩනැගිලිවල, ඉඩම්වල, ගෙපත්වල වාර්ෂික වටිනාකමින් සියයට දහයක (10%) වාර්ෂික වරිපනම් බද්දක් නියම කර ඇත. ඒ අනුව ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව මඟින් වරිපනම් ඒකක ගණන 6550ක් තුළින් රුපියල් මිලියන 7.7 ආසන්න බදු මුදලක් ගෙවීමට නියම කරනු ලබයි.

ප්‍රකාශයට පත් කරන ලද වරිපනම් බල ප්‍රදේශය

කොළඹ රත්නපුර පාර 

  • කොළඹ රත්නපුර පාරේ දෙහිගහපිටිය පල්ලිය අසල බොක්කුවේ අංක 62/1 සිට ඇහැලියගොඩ කෝවිල අසල අංක 71/5 බෝක්කුව දක්වා පාර මධ්‍යයේ සිට මීටර් 250 දක්වා ප්‍රදේශය.
  • කොළඹ රත්නපුර පාරේ ඇහැලියගොඩ කෝවිල අසල අංක 71/5 බෝක්කුවේ සිට රත්නපුර දෙසට අංක 72/3 කැකුණමලේ අලේ බෝක්කුව දක්වා මාර්ග කොටසේ වම සහ දකුණ පාර මධ්‍යයෙන් ආරම්භ වන මීටර් 90 සිට මීටර් 250 දක්වා ප්‍රදේශය
  • කොළඹ රත්නපුර පාරේ ඇහැලියගොඩ නගරය කෙළවර අංක 72/3 කැකුණමලේ ඇලේ පාලමේ සිට රත්නපුර දෙසට මාහිංගොඩ බෙරෙවාදෙනිය ඇල දක්වා මාර්ගය වම සහ දකුණ එතැන් සිට රත්නපුර දෙසට දකුණු පස ඇහැලියගොඩ ප්‍රාදේශිය සභා බල සීමාවේ අවසානය දක්වා ද වම්පස බෙරෙවාදෙනිය ඇලේ සිට කුරුවිට ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය කොටස හැර බදුවත්ත මූනන්ගල ඇලේ අංක 71/1බෝක්කුව දක්වා මධ්‍යයේ සිට මීටර් 250 දක්වා ප්‍රදේශය.

අතුරු මාර්ග මීටර් 250 දක්වා
බදුවත්ත සෙරමික් පාරේ වම්පස ඇහැලියගොඩ ප්‍රාදේශිය සභා බල සීමාවේ ආරම්භයේ සිට මීටර් 500ක් ඉදිරියට පාර මධ්‍යයේ සිට මීටර් 250 දක්වා ප්‍රදේශය.

අතුරු මාර්ග මීටර් 100 දක්වා
• ඇහැලියගොඩ බණ්ඩාරවත්ත පාරේ ඕ.එම්.පරීඩ් මහතාගේ නිවස දක්වා වම්පස හා දකුණු පස
• නැදුරන පාරේ බුළුගහපිටියට හැරෙන හන්දියේ සිට නැදුරන දෙසට අංක 14/3 බෝක්කුව දක්වා දකුණු පස
• දෙහිඹ්විට පාරේ පනාවල කන්ද උඩ ප්‍රාදේශිය සභා බල සීමාව දක්වා වම්පස හා දකුණු පස
• රජමහ විහාර පාර (මැලේරියා පාර ) ආරම්භයේ සිට අඟුරුවාමුල්ල මංසන්දිය දක්වා වම්පස හා දකුණු පස
• විජේනායක මාවතේ (බෝපැත්ත හරහා) ඇහැලියගොඩ හමුවන ස්ථානය දක්වා වම්පස හා දකුණු පස
• ඇහැලියගොඩ බුළුගහපිටිය පාරේ නැදුරන හන්දියේ සිට දෙලහිටිය වෙලේ මෙගොඩ මායිම දක්වා වම්පස හා දකුණු පස
• කොත්විල පාරේ පැරණි රේල් පාරේ සිට බුළුගහපිටිය පාරට සම්බන්ධවන ස්ථානය දක්වා වම්පස හා දකුණු පස
• කොත්විල පාරේ නාන ළිඳ හරහා ඇති පාරේ වෙල දක්වා වම්පස හා දකුණු පස
• ඇහැලියගොඩ පනාවල පාරෙන් ආරම්භවන රොසලින්වත්ත මාර්ගය කේ.එම්.මුනසිංහ මහතාගේ නිවස දක්වා වම්පස හා දකුණු පස
• යාය පාරේ ආරම්භයේ සිට නැදුරන පාරට වැටෙන ස්ථානය දක්වා වම්පස හා දකුණු පස
• අඟුරුවාමුල්ල පාරේ පැරණි රේල් පාරේ සිට අඟුරුවාමුල්ල ඇල දක්වා වම්පස හා දකුණු පස
• තලගහයට මාහර පාර මාහිංගොඩ මාහර පාර හමුවන ස්ථානය දක්වා වම්පස හා දකුණු පස
• මාහිංගොඩ මාහර පාර අස්ඟගුල පාලම දක්වා වම්පස හා දකුණු පස
• ජයසිරි හෝටලය අසල පාරේ අස්ගඟුල පාර දක්වා වම්පස හා දකුණු පස
• මාහිංගොඩ හන්දියේ සිට වියලගොඩ පාරේ පළමුව හමුවන වෙල්යායේ ආරම්භක බොක්කුව දක්වා ප්‍රදේශය

වරිපනම් තක්සේරු ලේඛනයේ නම සංශෝධනය කිරීම

අවශ්‍ය ලියකියවිලි
1. නම් සංශෝධනය කිරීමේ ඉල්ලුම්පත්‍රය නොතාරිස් කෙනෙකු ලවා සහතික කර භාරදීම.

(ඉල්ලුම් පත්‍රය සමග රු.100.00ක ගාස්තුවක් අයකරයි)
(ඉල්ලුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)
2. ඉල්ලීම් ලිපිය
3. ඔප්පුවේ පිටපත
4. පිඹුරුපතෙහි පිටපත
5. පත්ඉරු
6. හිමිකම් වාර්තාව (අවශ්‍ය වූ විට පමණක්)
7. දිවුරුම් ප්‍රකාශ (අවශ්‍ය වූ විට පමණක්)

නව වරිපනම් අංකයක් ලබාගැනීම

අවශ්‍ය ලියකියවිලි
• ඉල්ලීම් ලිපිය
• ඔප්පුවේ පිටපත
• සැලැස්මේ පිටපත

ඉහත ලිපි ලේඛන ලබාදුන් පසු ආදායම් පරීක්ෂකවරයෙක් අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂාකර බලා වරිපනම් අංකයක් හා දළ තක්සේරුවක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

වරිපනම් විරෝධතා කැඳවීම

දෙසැම්බර් මාසයේ සිට කේ පෝරම බෙදාහැරීම සිදුකල පසු ඊලඟ වර්ෂයේ ජනවාරි 31 දින දක්වා වරිපනම් සම්බන්ධ විරෝධතා, ගැටළු භාරගැනීම සිදුකරනු ලබයි. පසුව එම විරෝධතා හා ගැටළු තක්සේරු දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඔවුන් විසින් ස්ථාන පරීක්ෂාකර බලා අදාළ නිර්දේශ දීම සිදුකරනු ලබයි.

වෙළඳ බලපත්‍ර, ව්‍යාපාර බදු, කර්මාන්ත බදු, විනෝද බදු

වෙළඳ බලපත්‍ර
මහජන සෞඛ්‍යයට අදාල වන, වාර්ෂික බලපත්‍රයක් ලබා ගත යුතු, යම් වෙළඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගනු ලබන ස්ථානයක් හෝ පරිශ්‍රයක් පාවිච්චි කිරීමට බලය දෙමින්, එකී පරිශ්‍රයේ වාර්ෂික වටිනාකම මත, පහත නිරූපිත ගාස්තු බලපත්‍ර ගාස්තුවක් වශයෙන් අය කෙරේ.

 ව්‍යාපාරයේ හෝ කර්මාන්තයේ වාර්ෂික වටිනාකම  රු.ශත
 වාර්ෂික වටිනාකම රු.750.00 නොඉක්මවන අවස්ථාවක  500.00
 වාර්ෂික වටිනාකම රු.750.00 ඉක්මවන එහෙත් රු.1500.00 නොඉක්මවන අවස්ථාවක  750.00
 වාර්ෂික වටිනාකම රු. 1500.00 ඉක්මවන අවස්ථාවක  1000.00

 

අතුරු ව්‍යවස්ථා පනවා ඇති ව්‍යාපාර හෝ කර්මාන්ත

පහත ව්‍යාපාර හා ක්‍රියාකාරකම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යාමේදී ඊට අදාළව ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව මඟින් සභා සම්මත කොට අමාත්‍යවරයාගේ ‍අත්සනින් යුතුව අංක 2152/37 2019 දරන ගැසට් පත්‍රයේ දැන්වීම් කර ඇති පරිදි පාලනයට ලක් කෙරේ. එකී ක්‍රියාකාරකම් අතුරු ව්‍යස්ථාගත උපමාන හා ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යා යුතුය. මෙම අතුරු ව්‍යවස්ථා වෙබ් අඩවිය හරහා භාගත කර ගත හැකිය.

ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම හා ඝාතනය සඳහා රඳවා තබා ගන්නා ස්ථානයක් පවත්වාගෙන යාම.
• ආහාර සැපයුම් ස්ථාන පවත්වාගෙන යාම.
• උත්සව ශාලාවක් පවත්වාගෙන යාම.
• එළවළු හෝ පළතුරු විකුණන ස්ථානයක් පවත්වාගෙන යාම.
• ගල්වලක් සහ ගල් ඇඹරුම්හලක් පවත්වාගෙන යාම.
• තේ කෝපි කඩ හා කෙටි ආහාර විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම.
• මස් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම.
• මාළු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම.
• රූපලාවන්‍ය මධ්‍යස්තානයක් පවත්වාගෙන යාම.
• ලැඟුම්හල් හා නවාතැන්පලවල් පවත්වාගෙන යාම.
• සංචාරක වෙළඳාමක් පවත්වාගෙන යාම.
• සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යාම.
• හෝටලයක් පවත්වාගෙන යාම.

වෙළඳ බලපත්‍රයක් ලබාගන්නා ආකාරය
• අයදුම්පත්‍රය කාර්යාලයට පැමිණ ලබාගැනීම හෝ වෙබ් අඩවියෙන් බාගත කරගැනීම.
• සම්පූර්ණ කළ අයදුම්පත්‍රය කාර්යාලයට භාරදීම.
• ආදායම් පරීක්ෂක/ලේකම්/මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (අදාළ ව්‍යාපාර සඳහා පමණක්) නිර්දේශ ලබාගැනීම.
• අයදුම්පත්‍රය සඳහා සභාපතිතුමන්ගේ අනුමැතිය ලබාගැනීම.
• ව්‍යාපාරයට අදාළ ගාස්තු ගෙවීම හා රිසිට්පත නිකුත් කිරීම.
• සකස් කළ වෙළඳ බලපත්‍රය ලේකම් හා සභාපතිතුමාගේ අත්සනට ඉදිරිපත් කිරීම.
• වෙළඳ බලපත්‍රය නිකුත් කිරීම.

සෑම ව්‍යාපාරයක්ම, සෑම වර්ෂයකම මාර්තු මස 31 දින වන විට අදාළ වෙළඳ බලපත්‍ර ගාස්තු ගෙවා නිමකළ යුතු ය.

ව්‍යාපාර බදු
ප්‍රාදේශීය සභා පනත හෝ ඊට අනුකූලව සාදන ලද අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යට‍තේ බලපත්‍රයක් ලබාගැනීම හෝ එම පනතේ 150 වන වගන්තිය යටතේ යම් බද්දක් ගෙවීම අවශ්‍ය නොවන්නා වූ යම් ව්‍යාපාරයක් බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යන සෑම තැනැත්තෙක්ගෙන්ම එම ව්‍යාපාරයේ පසුගිය වර්ෂයේ ආදායම අනුව පහත නිරූපිත ප්‍රමාණයට ව්‍යාපාර බද්දක් ඉදිරි වර්ෂය සඳහා ව්‍යාපාර බදු වශයෙන් අය කරනු ලැබේ.

 2025 වර්ෂයේ දී ව්‍යාපාරයේ ආදායම  රු.ශත
 රු.6000.00 නොඉක්මවන අවස්ථාවක  කිසිවක් නොමැත
 රු.6000.00 ඉක්මවන එහෙත් රු.12,000.00 නොඉක්මවන අවස්ථාවක  90.00
 රු.12,000.00 ඉක්මවන නමුත් රු.18,750.00 නොඉක්මවන විට  180.00
 රු.18,750.00 ඉක්මවන නමුත් රු.75,000.00 නොඉක්මවන විට  360.00
 රු.75,000.00 ඉක්මවන නමුත් රු:.150,000.00 නොඉක්මවන විට  1200.00
 රු.150,000.00 ඉක්මවන විට  3000.00

 

 ව්‍යාපාර බදු ගාස්තු ගෙවීමේ ආකාරය
• අයදුම්පත්‍රය කාර්යාලයට පැමිණ ලබාගැනීම හෝ වෙබ් අඩවියෙන් බාගත කරගැනීම.
• සම්පූර්ණ කළ අයදුම්පත්‍රය කාර්යාලයට භාරදීම.
• ආදායම් පරීක්ෂක/ලේකම්තුමා/තුමිය/මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (අදාළ ව්‍යාපාර සඳහා පමණක්) නිර්දේශ ලබාගැනීම.
• අයදුම්පත්‍රය සඳහා සභාපතිතුමන්ගේ අනුමැතිය ලබාගැනීම.
• ව්‍යාපාරයට අදාළ ගාස්තු ගෙවීම.
• රිසිට්පත නිකුත් කිරීම.

සෑම ව්‍යාපාරයක්ම, සෑම වර්ෂයකම මාර්තු මස 31 දින වන විට අදාළ ව්‍යාපාර බදු ගාස්තු ගෙවා නිමකළ යුතු ය.

කර්මාන්ත බදු
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ප්‍රදේශය ඇතුළත යම් පරිශ්‍රයක පවත්වාගෙන යනු ලබන සෑම කර්මාන්තයක් සඳහාම කර්මාන්ත බද්දක් පනවා අයකිරීම සිදු කෙරේ.

කර්මාන්ත බදු ගාස්තු ගෙවීමේ ආකාරය
• අයදුම්පත්‍රය කාර්යාලයට පැමිණ ලබාගැනීම හෝ වෙබ් අඩවියෙන් බාගත කරගැනීම.
• සම්පූර්ණ කළ අයදුම්පත්‍රය කාර්යාලයට භාරදීම.
• ආදායම් පරීක්ෂක/ලේකම් මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (අදාළ ව්‍යාපාර සඳහා පමණක්) නිර්දේශ ලබාගැනීම.
• අයදුම්පත්‍රය සඳහා සභාපතිතුමන්ගේ අනුමැතිය ලබාගැනීම.
• කර්මාන්තයට අදාළ ගාස්තු ගෙවීම.
• රිසිට්පත නිකුත් කිරීම.

සෑම කර්මාන්තයක්ම, සෑම වර්ෂයකම මාර්කු මස 31 දින වන විට අදාළ ව්‍යාපාර බදු ගාස්තු ගෙවා නිමකළ යුතු ය.

වි‍නෝද බදු
සිනමාහල් ‍නොවන මුදල් අයකර ‍‍‍පෙන්වන දර්ශන සඳහා වන ප්‍රවේශ පත්‍රයක සඳහන් මුදලින් 15% ක වි‍‍නෝද බදු මුදලක් අය කරනු ලබයි. ඒ සඳහා එකී දර්ශන පැවැත්වීමට ප්‍රථමව අදාළ ටිකට්පත් ප්‍රාදේශීය සභා මුද්‍රා තබා ඊට අදාල බදු මුදල ගෙවිය යුතු වේ.

(ඉල්ලුම්පත්‍රය  මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)

 අක්කර බදු

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134(2) වගන්තියට අනුව සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුළම ඇති ස්ථීර හෝ නිති පතා ගොවිතැනක් යටතේ වූ හෙක්ටයාර් එකක් හෝ අක්කර 21/2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යුක්ත ඉඩම් සඳහා මෙම අක්කර බදු යටත් වේ.
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වසම් 44ක් පුරා විහිදී ඇති හෙක්ටයාර් එකකට හෝ අක්කර 21/2ක් හෝ වැඩි ඉඩම් සඳහා අක්කර බදු අයකරනු ලබයි.

ඒ අනුව,
• ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් එකක් හෝ අක්කර 21/2ක් සඳහා රු. 50.00ක වාර්ෂික අක්කර බද්දක් අයකරනු ලබයි.
• ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 5ක් හෝ ඊට වැඩිවන සෑම හෙක්ටයාර් එකක් සඳහාම රු. 10.00 බැගින් වැඩිවන වාර්ෂික අක්කර බද්දක් අයකරනු ලබයි.
දැනට ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතුව 2025 වර්ෂය වන විට අක්කර බදු ඒකක 362ක් ඇත.

බදු ගාස්තු අයකිරීම
වර්ෂයට අදාළ අක්කර බදු ගාස්තුව සෑම වර්ෂයකම මාර්තු මස 31 දින වන විට ගෙවා නිමකළ යුතු ය. අදාළ බදු ගාස්තුව ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන වර්ෂයේ මුල් මාස 03 තුළ නොගෙවන්නේ නම් කාර්තුවට අදාළ බදු මුදලින් 1%ක දඩ මුදලක් අය කරනු ලැබේ.

ජල බදු
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව මගින් මහජනතාව වෙත ලබාදෙන ජල සේවාවන් අතර සභාව සතු පොදු නාන ළිං, බොන ළිං, නාන තටාක, නල ළිං, ජල කරාම, ජල උල්පත් වැනි ජල මූලාශ්‍ර වැඩි දියුණු කිරීම හා අළුතින් ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම ප්‍රමුඛ වේ.
මීට අමතරව බල ප්‍රදේශයේ පොදු මහජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පිරිසිදු ජලය සපයමින් ජනතාවගේ නීරෝගීකම ඇති කිරීම අරමුණු කරගනිමින් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව මගින් ජනතාව උදෙසා සභා පාලනය යටතේ ගැටහැත්ත පානීය ජල ‍ව්‍යාපෘතිය, දිවුරුම්පිටිය පානීය ජල ‍ව්‍යාපෘතිය හා බේරුවාන ජල ව්‍යාපෘතිය නම් පානීය ජල ව්‍යාපෘති තුනක් පවත්වාගෙන යයි.

පානීය ජල ව්‍යාපෘති

• ගැටහැත්ත පානීය ජල ‍ව්‍යාපෘතිය
• නිල් දියවර පානීය ජල ‍ව්‍යාපෘතිය දිවුරුම්පිටිය
• බේරුවාන ජල ව්‍යාපෘතිය

ජල බදු ගාස්තු අය කිරීම

 ජල බදු ගාස්තු අය කිරීම් (ස්ථීර බද්ධ)

  රු. ශත
  පදිංචි ස්ථානය සඳහා (නේවාසික)   200.00
  ව්‍යාපාරික ස්ථාන සඳහා (ව්‍යාපාරික)   500.00

 

ජල බදු අය කිරීම් ඒකක ප්‍රමාණය අනුව

  රු. ශත
 මාසික ජල ඒකකයක් සඳහා (නේවාසික)/ (ව්‍යාපාරික)  100.00

 

නව ජල සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව - රු 10,000.00

 නව ජල සම්බන්ධතාවය ලබා ගැනීමට අවශ්‍ය ‍ලිපි
• ජල සම්බන්ධතාවය ඉල්ලුම් කරන ස්ථානයේ අයිතිකරුගේ පදිංචිය සහතික කිරීමට හැකි පහත ලියවිලි වලින් එක් ලියවිල්ලක්
(විදුලි බිල්පතක්, ග්‍රාම නිලධාරී සහතික කල ලිපියක්, ඉඩමේ ඔප්පුව හා එහි සහතික කල ඡායා පිටපතක්)
• ජල සම්බන්ධතාවය අයිතිකරු නොවන අයෙකු ලබා ගන්නේ නම්, අයිතිකරුගේ දිවුරුම් ප්‍රකාශයක් සහිත ප්‍රකාශිත ලිපිය
• ජල සම්බන්ධතාවය වෙනත් ඉඩමක් හරහා ලබා ගන්නේ නම් එම ඉඩම අයිතිකරුගේ දිවුරුම් ප්‍රකාශයක් සහිත කැමැත්ත ප්‍රකාශිත ලිපිය
• ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපතක්

ජල සම්බන්ධතා අයිතිය වෙනත් පාර්ශවයකට පවරා දීමට ‍
• ජල සම්බන්ධතා අයිතිය පවතින ‍පුද්ගලයාගෙන් නව සබඳතාව ලබා ගන්නා පුද්ගලයාට පවරා දීමට ඇති කැමැත්ත ප්‍රකාශිත දිවුරුම් ප්‍රකාශය
• නව සම්බන්ධතා පවතින පුද්ගලයාට ජල සම්බන්ධතා ලබා ගන්නා ස්ථානය පිළිබද පවතින අයිතිය තහවුරු කළ හැකි ලියවිලි
- ජල සම්බන්ධතාවය ඉල්ලුම් කරන ස්ථානයේ අයිතිකරුගේ පදිංචිය සහතික කිරීමට හැකි පහත ලියවිලි වලින් එක් ලියවිල්ලක්
(විදුලි බිල්පතක්, ග්‍රාම නිලධාරී සහතික කල ලිපියක්, ඉඩමේ ඔප්පුව හා එහි සහතික කල ඡායා පිටපතක්)
   - ජල සම්බන්ධතාවය අයිතිකරු නොවන අයෙකු ලබා ගන්නේ නම්, අයිතිකරුගේ දිවුරුම් ප්‍රකාශයක් සහිත ප්‍රකාශිත ලිපිය
   - ජල සම්බන්ධතාවය වෙනත් ඉඩමක් හරහා ලබා ගන්නේ නම් එම ඉඩම අයිතිකරුගේ දිවුරුම් ප්‍රකාශයක් සහිත කැමැත්ත ප්‍රකාශිත ලිපිය
   - ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපතක්

2025 වර්ෂය වන විට :
ගැටහැත්ත පානීය ජල ව්‍යාපෘතියේ ජල පාරිභෝගිකයින් සංඛ්‍යාව - 56
නිල් දියවර පානීය ජල ව්‍යාපෘතියේ (දිවුරුම්පිටිය) ජල පාරිභෝගිකයින් සංඛ්‍යාව - 56

බදු ගාස්තු අය කිරීම :
සෑම මසකම පළමු සතිය තුළ ජල බදු මුදල් එකතු කිරීමට පැමිණෙන මනුකියවන නිලධාරියා විසින් මාසික බදු ගාස්තු අය කරනු ලැබේ.

ජල බවුසර් කුලියට දීම

අවශ්‍යතාවයන් අනුව ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු ජල බවුසරය කුලියට ලබාදීම සිදුකෙරේ. ඒ සඳහා ජල බවුසර් කුලියට ලබාදීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කර අප වෙත ලබාදුන් පසු කාර්මික නිලධාරීගේ වාර්තාව අනුව ලේකම්තුමන්ගේ නිර්දේශය මත ජල බවුසරය කුලියට ලබාදීම සිදුවේ.


ජල බවුසර් කුලියට ලබාදීම සඳහා ගාස්තු අයකිරීම 
•ජල බවුසරය සමග ට්‍රැක්ටරය (ජලය රහිත) - රු. 8500.00
•ජල බවුසරය (ජලය රහිත පැයකට) - රු. 1000.00
(අයදුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)

දැන්වීම් පුවරු

• ප්‍රධාන මාර්ගය දෙපස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා ඔබ විසින් මාර්ග සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතු ය.
• සියළුම ස්ථීර දැන්වීම් පුවරු සඳහා ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වසරකට පමණක් අවසර ලබාදෙනු ලබයි.
• ඔබ විසින් අනුමැතිය ලබාගන්නා අවස්ථාවේ සඳහන් කරන ලද දැන්වීම්, වෙනස්කරන්නේ නම් ඒ පිළිබඳව පූර්ණ අනුමැතිය ප්‍රාදේශීය සභාවෙන් ලබාගත යුතු ය.
• එසේ අනුමැතියෙන් තොරව දැන්වීම් වෙනස්කරනු ලැබුවහොත් අදාළ දැන්වීම් පුවරුව ගලවා ඉවත් කිරීමට පූර්ණ බලය සභාව සතුය.
• තාවකාලික බැනර්, කටවුට් එක් මාසයකට යටත්ව ප්‍රදර්ශන අයිතිය ලබාදෙන අතර එම දැන්වීම් පුවරුව අයදුම්කරු විසින් ගලවා ඉවත් කළ යුතු ය.
• තාවකාලික බැනර්, කටවුට් සඳහා එක් මාසයකට යටත්ව ප්‍රදර්ශන අයිතිය ලබාදෙන අතර එම දැන්වීම් පුවරුව අයදුම්කරු විසින් ගලවා ඉවත් කළ යුතුය.
• දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඉල්ලුම් කළ හැකි අතර ආදායම් පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමෙන් පසුව නිර්දේශයට අනුමැතියට ඉදිරිපත් කොට අයකිරීම් ලබාගැනීම සිදුකරනු ලබයි.

දැන්වීම් පුවරු සඳහා ගාස්තු
දැන්වීම් පුවරුවේ ප්‍රමාණය වර්ග මීටරයක් හෝ ඊට අඩුවනවිට ගාස්තුව,

 බිත්ති හා තාප්ප උපයෝගී කරගන්නා ප්‍රචාරක දැන්වීම් සඳහා  රු. 500.00
 ස්ථීර දැන්වීම් පුවරු සඳහා  රු. 750.00
 රෙදි මඟින් කෙරෙන ප්‍රචාරක දැන්වීම් සඳහා (බැනර් සහ කටවුට්)  රු. 250.00
 ඩිජිටල් මුද්‍රණ දැන්වීමක් සඳහා  රු. 2500.00
උත්සව කාල සීමාවලදී ශබ්ද විකාශන මගින් කරන වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සඳහා (දිනකට) රු. 3000.00

 

(ඉල්ලුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)

කඩ කුලී බදු/ සතිපොළ බදු

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු බදු ලබා දී ඇති දේපල පහත පරිදි වේ.
01.මස් කඩ - 03
• ඇහැලියගොඩ එළගව මස් වෙළඳසැල
• ඇහැලියගොඩ එළුමස් හා කුකුල් මස් වෙළඳසැල
• දම්මුල්ල එළගව මස් වෙළඳසැල
02.සතිපොල - 03
• ඇහැලියගොඩ සතිපොල හා පදික වෙළඳාම
• ගැටහැත්ත සතිපොල
• දම්මුල්ල සතිපොල
03.පොල අසල V හැඩ කඩ කාමර - 11
04.බස් නැවතුම් පල අසල කඩ කාමර - 10
05.ගැටහැත්ත බහුකාර්ය ගොඩනැගිල්ල කඩ කාමර - 10
06.ඇහැලියගොඩ වෙළඳ සංකීර්ණය බිම් මහල - 21
(ධීවර සංස්ථා මාළු වෙළඳසැල ඇතුළුව)
07.ඇහැලියගොඩ වෙළඳ සංකීර්ණය බිම් මහල - 18
08.ගැටහැත්ත බහුකාර්ය ගොඩනැගිල්ල බිමි මහල සහ උඩු මහල - 01

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු මස්කඩ" ගොඩනැගිලි, භූමිය හා සතිපොල වාර්ෂිකව ටෙන්ඩර් ලබා දීමේ ක්‍රමවේදය
• ටෙන්ඩර් ලබා දීම සඳහා අදාල අවම ලන්සුව, ටෙන්ඩර් පෝරම ගාස්තුව හා ආපසු ගෙවනු ලබන ටෙන්ඩර් ඇප තැන්පත් මුදල තීරණය කිරීම සඳහා මහා සභා අනුමැතිය ලබා ගැනීම.
(පළාත් පාලන කොමසාරිස්ගේ 2023.05.01 දිනැති අංක 01/2023 චක්‍රලේඛය පරිදි සතිපොල හා මස්කඩ ටෙන්ඩර් කිරීමේදී අවම ලන්සුව ලෙස තීරණය කළ යුතුවන්නේ පෙර වර්ෂයේ අදාල දේපල ටෙන්ඩර් ලබා දුන් මුදල හෝ තක්සේරු දෙපාර්පාර්තමේන්තුව මගින් තක්සේරු කරගත් මුදලය.)
      ටෙන්ඩර් ලබා දීම සඳහා අදාල අවම ලන්සුව, ටෙන්ඩර් පෝරම ගාස්තුව හා ආපසු ගෙවනු ලබන ටෙන්ඩර් ඇප තැන්පත් මුදල හා ටෙන්ඩර් පෝරම නිකුත් කිරීම, ටෙන්ඩර් පත් භාර ගැනීම හා ටෙන්ඩර් විවෘත කිරීම සිදු කරන දිනයක් සඳහන් කරන ලද ප්‍රසම්පාදන දැන්වීම පුවත්පත්වල පල කරනු ලබයි.
      ප්‍රසම්පාදන දැන්වීම ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කිරීමට රජයේ ස්ථාන වලට තැපැල් මගින් යොමු කරනු ලබන අතර මෙම වෙබ් අඩවියේ ද පළකරනු ලැබේ.
• නියමිත ගාස්තු අයකර ටෙන්ඩර් පෝරම නිකුත් කිරීම.
• ලංසුපත් අදාළ දිනයේ දී සභාවේ පවතින ටෙන්ඩර් පෙට්ටියට බහාලීම.
• ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්ගේ හා ලංසුපත් ඉදිරිපත් කරනු ලැබූ අයගේ සහභාගිත්වයෙන් ලංසුපත් විවෘත කිරීම.
• වැඩිම ලංසු අගය පිළිගෙන, ගිවිසුම් ඇප මුදල ගෙවා, ගිවිසුම් අත්සන් කර, අදාල දේපල බදු ලබා දීම සිදු කෙරේ.


(වැඩිම ටෙන්ඩර්කරු නියමිත දිනට ගිවිසුම් අත්සන් නොකරන්නේ නම්, එම ටෙන්ඩරය අසාදු ලේඛනගත කිරීම සිදුවේ. එම ටෙන්ඩරයේ හිමිකරුට නැවත ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබේ.)

සභාව සතු දේපළ බදු ලබාදීමේ කටයුතු පළාත් පාලන කොමසාරිස්ගේ 2023.05.01 දිනැති අංක 01/2023 චක්‍රලේඛය අනුව සිදුවන අතර ඒ අනුව කඩ කුලී විෂය කටයුතු කරයි.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු වෙළඳසැල් වල මාසික අගය කුලිය
දීර්ඝකාලීනව බදු ලබාදෙන සභාව සතු වෙළඳසැල් සඳහා මාසික කුලිය වසර 03කට වරක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් තක්සේරු කරගත යුතුය.

රථ වාහන නැවතුම් ගාස්තු
ඇහැලියගොඩ මහජන පොළ භූමිය තුළ රථවාහන නැවතුම්පළ ගාස්තු අය කරනු ලැබේ.

 රථවාහනය   ගාස්තුව 
  යතුරු පැදි සඳහා    රු. 40.00
  ත්‍රීරෝද රථ සඳහා    රු. 50.00
  කාර්/වෑන් සඳහා   රු. 60.00
  බස්/ලොරි සඳහා   රු. 100.00

 

(අදාළ ගාස්තුව පැය 08ක් සඳහා වලංගු වේ)

වැසිකිලි බදු
ඇහැලියගොඩ මහජන පොළ භූමියේ පොදු වැසිකිළිය භාවිතය වෙනුවෙන් රු. 20.00ක ගාස්තුවක් අය කෙරේ.