ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ විකාශනය

ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිටි කෝරළේ පල්ලෙ පත්තු ගම් සභාව වශයෙන් පැවති ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාව, උතුරින් කොළඔ ද බටහිරින් කළුතර ද නැගෙනහිරින් කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ද දකුණින් කුරුවිට ප්‍රාදේශීය සභා සීමාවෙන් ද වෙන්ව පවතී. ව.කි.මීටර් 139 ක් පුරා ව්‍යාප්තව පවතින ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 44 කින් යුක්ත වේ.

1947 ට පෙර මෙම ප්‍රදේශය අයත් වූයේ කුඩා නගර සෞඛ්‍ය ආරක්ෂණ සභා පනත යටතේ සෞඛ්‍ය ආරක්ෂණ සභාවට ය. එවකට පළාත් පාලන ඇමැතිව සිටි එස්.ඩබ්.ආර්. ඩී.බණ්ඩාරනායක මැතිතුමන් 1947 ජනවාරි 01 දින තම අත්සනින් යුතුව නිකුත් කරන ලද එල්.ටී.බී/43 පී33/1/42 දරණ චක්‍රෙල්ඛය අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටසක් හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොටසක් එක්ව පවත්වාගෙන ගිය කැන්දන්ගමුව සෞඛ්‍ය ආරක්ෂණ සභාව ගම් සභා පණතට ගෙන ඇත. ඒ අනුව එහි සෞඛ්‍ය ආරක්ෂණ සභාවේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කොටස පනාවල හා අටුළුගම් කෝරළේ ගම් කාර්ය සභාවට ද, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කොටස කුරුවිටි කෝරළේ පල්ලෙ පත්තු ගම් කාර්ය සභාව ලෙස ද නම්කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු.ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ධූර කාලයේ පරිපාලන හා සංවර්ධන කටයුතුවලට අදාලව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ජනතාවට පළාත් මට්ටමින් ඵලදායි දෙස සහභාගිවීම හා වැඩි අවස්ථාවක් සලසා දිමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය සභා පිහිටුවීම සදහා ද එම සභාවේ බලතල හා කාර්යයන් හා කර්තව්‍යයන් විනිශ්චය කිරීම සදහා ද, ඊට සම්බන්ධ අනුසාංඝික සියළු කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත 1987 අප්‍රේල් 16 දින ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව 1991.07.01 දින සිට අහැලියගොඩ ප්‍රාදේශීය සභාව සංස්ථාපනය විය.

මේ අනුව 1931 සිට 1948 දක්වා කැන්දන්ගමුව සෞඛ්‍ය ආරක්ෂණ සභාව මගින් ද, 1948 සිට 1977 දක්වා කුරුවිට කෝරලේ පල්ලෙ පත්තු ගම් සභාව මගින් ද, 1977 සිට 1991.06.31 දක්වා විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ ද, 1991.07.01 දින සිට 2023.03.19 දක්වා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් යටතේ ද පාලනය වෙමින් පැවතිණි. ග්‍රාම නිලධාරී වසම් 44කින් හා කොට්ඨාස 18 කින් යුත් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොට්ඨාස මට්ටමින් නියෝජිතයින් 18 ක් ද, සමානුපාතික ක්‍රමය මත නියෝජිතයින් 13 ක් ද වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා හා මන්ත්‍රීතුමියන්ලා පත්වී ඇත. 2023.03.20 දින සිට ප්‍රාදේශීය සභා ලේකම්වරු යටතේ ද පාලනය වෙමින් පවතී.

කැන්දන්ගමුව සෞඛ්‍ය ආරක්ෂණ සභාවට/ කුරුවිටි කෝරලේ පල්ලෙ පත්තු ගම් කාර්ය සභාවට/ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට මේ දක්වා තේරී පත් වූ සභාපතිවරුන්

MembersOLd

කැන්දන්ගමුව සෞඛ්‍ය ආරක්ෂණ සභාව
1.ඩී.ආර්.රාමචන්ද්‍ර මහතා 1931-1936 දක්වා
2.ඩී.අරනෝලිස් කලටුවාව මහතා 1936-1939 දක්වා
3.එච්.ඒ.පී.කලටුවාව මහතා 1939-1948 දක්වා

කුරුවිටි කෝරළේ පල්ලෙ පත්තු ගම් කාර්ය සභාව
1.එච්.එන්.නන්සොදා මහතා 1948-1951දක්වා
2.ජේ.එම්.සමරසිංහ මහතා 1951-1956දක්වා
3.ජි.එච්.පොඩියා මහතා 1957-1960දක්වා
4.ඩී.සමරක්කොඩි මහතා 1957-1960දක්වා
5.එච්.ඩබ්.එච්.ආර්.ඒ.මාරඔ බණ්ඩාර මහතා 1964-1977 දක්වා

විශේෂ කොමසාරිස් පාලනය 1977-1991.06.31 දක්වා

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව
1.එස්.ඩී.ෂෙල්ටන් සමරසේකර මහතා 1991.07.01-0997.04.14 දක්වා
2.ජී.එම්.කරුණාපාල මහතා 1997.04.15-1999.03.27 දක්වා
3.ඩබ්.එස්.වීරසිංහ මහතා(වැ.බ.සභාපති) 1999.03.28-1999.05.31 දක්වා
4.ඒ.ඩි.සරත් සත්දනායක මහතා 1999.06.14-2001.04.23 දක්වා
5.කේ.එල් රත්නායක මහතා 2002.04.24-2004.07.23 දක්වා
6.යුවරාජ් සදේව චන්ද්‍රෙස්කර මහතා 2004.07.24-2006.04.14 දක්වා
7.ඒ.ඩී.සරත් සන්දනායක මහතා 2006.04.15-2015.05.15 දක්වා

විශේෂ කොමසාරිස් පාලනය 2015.05.16-2018.03.19 දක්වා

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව
1.එම්.පී තිලක් රෝහණ ජයවික්‍රම මහතා 2018.03.20 -2022.05.16
2.රුවන් ලියනගේ (වැ.බ.සභාපති) 2022.05.17 සිට 2023.03.19 දක්වා

ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතේ පාලනය 2023.03.20 දින සිට මේ දක්වා