ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

01

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම බල ප්‍රදේශය තුළ පිරිසිදු නගරයක් නිර්මාණය කිරීම උදෙසා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව විසින් අතීතයේ සිටම ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අනාගතයට ගැළපෙන පරිදි යාවත්කාලීන වෙමින් ඉදිරියටම ගමන් කරමින් පවතී. එහිලා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හෙවත් කසල කළමනාකරණය අතිශය වැදගත් විෂය ඒකකයකි.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හෙවත් කසල කළමනාකරණයේ දී මූලික පියවර විය යුත්තේ කසල සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විවිධ චර්යාවන් සහ ඇබ්බැහිකම් වෙනස් කිරීමට කටයුතු කිරීමයි. කසල ජනනය හැකි අයුරින් අවම කිරීම, කසල වලින් නැවත භාවිතා කළ හැකි දේ වෙන් කොට නැවත යොදා ගැනීමට පෙළඹවීම, ප්‍රතිචක්‍රීකරණය, කසල නිතිපතා බැහැර කරවීමට පෙළඹවීම ආදිය එවැනි සැලැස්මක ඇතුළත් කළ යුතු මූලික කරුණු අතර වේ.

ඇහැලියගොඩ ප්‍රදේශීය සභාව කසළ කළමනාකරණ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේදී,


“සපිරි පුරක් - පිරිසිදු නගරයක්”
යන තේමා පාඨය ද
“කසළින් තොර ඇහැලියගොඩ”
යන පරමාර්ථය ද

යථාර්ථයක් කරා රැගෙන යාමට කටයුතු කරමින් ඇත.

ඒ අනුව විධිමත් පරිදි කසල කළමනාකරණය සිදු කිරීම උදෙසා පළාත් පාලන ආයතනයක් වශයෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියා මාර්ග රැසක් ගෙන තිබේ. එම ක්‍රියා මාර්ගයන්ගේ සාර්ථකත්වය හේතුවෙන් පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමට හා කසල කළමණාකරණ ව්‍යපෘතියක් වශයෙන් සාර්ථකත්වයක් හිමි කර ගැනීමට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට හැකි වී තිබේ.

පරිසර හිතකාමී ආනන්දනීය නගරයක් නිර්මාණය කිරීමෙහිලා නගරවැසියන්ගේ අනාගත පුනර්ජීවනය යහපත් කර ගැනීමේ අරමුණ ඇතිව නව අදහස් එකතු කරමින් නිර්මාණශීලී ක්‍රියාමාර්ග රැසක් වර්තමානයේ දී ක්‍රියාත්මක වන ප්‍රාදේශීය සභාවක් බවට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව පත්වෙමින් තිබේ.

කසල නිවෙස් වලින් එක්රැස් කිරීමේ සිට එම කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය දක්වා වූ කාරණා රැසක් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මඟින් සිදු කරන අතර, මෙය රජයට ආර්ථික වශයෙන් බරක් නොවන ආකාරයට ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් කටයුතු කර තිබේ.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ග්‍රාම නිලධාරී වසම් 44 ක් අයත් වන අතර එය වර්ග කිලෝ 139 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. 2025 වර්ෂය වන විට එහි ජනගහනය 81451 කි. මෙම ග්‍රාම නිලධාරී වසම් 44 න් වසම් 17 ක් තුල කසළ එකතු කිරීම සිදුවන අතර එම ප්‍රදේශ වල ජනගහනය අනුව තොරතුරු පහත දැක්වේ.

02

 03

ඉහත ප්‍රදේශයන් ආවරණය කරමින් කසල එකතු කිරීමේ දී, දෛනිකව ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව වෙත කසළ ටොන් 4ක් පමණ ලැබෙන අතර එම කසල වල සංයුතිය පහත පරිදි වේ.

04

ඉහත කසළ ප්‍රමාණයන් ඉදිරියේ සිදු වන ජනගහනය වර්ධනය වීම හා ආර්ථික සංවර්ධනය ආදී කරුණු සැලකිල්ලට ගත් කළ පහත පරිදි වැඩි වීමක් සිදුවිය හැකි බවට අනුමාන කළ හැකිය.

05

06

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව විසින් බල ප්‍රදේශයේ කසල එකතු කිරීම කලාප 4කට බෙදා සිදු කරන අතර, සකස් කරන ලද කාල සටහනක් අනුව ඇහැලියගොඩ නගරයේ දෛනිකව ද අනෙකුත් ප්‍රදේශවල සතියකට වරක් බැගින් ද ආවරණය වන පරිදි කසල එකතු කරනු ලබයි.
ඒ සඳහා RB – 4782/ RC – 6950/ RD – 8017/ RD – 4361 යන වාහන අංක දරණ ට්‍රැක්ටර් රථ 04ක් යොදවා ඇති අතර එම සෑම ට්‍රැක්ටරයක් සඳහාම රියදුරුට අමතරව සෞඛ්‍ය කම්කරුවන් තිදෙනෙකු බැගින් අනුයුක්ත කර ඇත.

කසල එකතු කිරීමේ ට්‍රැක්ටර් රථ ධාවනය වන මාර්ග හා වේලාවන්
2025.03.24 සිට 2025.12.31 දක්වා

 

 RD 4361 ට්‍රැක්ටර් රථය

 

 RC 6950 ට්‍රැක්ටර් රථය

 

 RB 4782 ට්‍රැක්ටර් රථය

 

 RD 8017 ට්‍රැක්ටර් රථය

 

කසල බාරගැනීමේ දී දිරන කසල හා නොදිරන කසල ලෙස කසල වර්ගීකරණය කර, එකතු කරනු ලබන කසල අවසාන වශයෙන් බේරුවාන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ කසල අංගනයට බැහැර කරනු ලබයි.
එහිදී එම මධ්‍යස්ථානය තුළ පවතින හලර් යන්ත්‍රය මගින් දිරන කසල වලින් කාබනික පොහොර වෙන්කර නිෂ්පාදනයට යොමු කරයි.

කොම්පෝස්ට් පොහොර මිල
ඇසුරුම් කළ කාබනික පොහොර කිලෝවක මිල - රු.15.00
ඇසුරුම් නොකළ කාබනික පොහොර කිලෝවක මිල - රු.12.00

එම කාබනික පොහොර කාර්යාල පරිශ්‍රයේ හා ඇහැලියගොඩ සතිපොළ භූමියේ පිහිටි මධ්‍යස්ථාන මගින් මිලදී ගැනීමේ හැකියාව ඇත.

1011

කසල එකතු කිරීමේදි එකතු වන නොදිරන කසල ඉටිකොළ, පෙට් බෝතල් ආදී ලෙස වෙන්කර බේරුවාන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පවතින බේල් යන්ත්‍රය මගින් බේල්කර ඇසුරුම් කරනු ලබයි. එමගින් නොදිරන කසල අලෙවි කර සභාවට ආදායමක් උපයාගැනීමට ඉදිරියේ සැලසුම් කර ඇත.

0809

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු, කසල කළමනාකරණ කටයුතු වඩාත් ක්‍රමවත් කිරීමේ ඉදිරි පියවරක් වශයෙන් නගරය තුළ ප්‍රදේශය තුළ කසල එකතු කිරීමට පහත පරිදි වන නවමු ක්‍රමවේද රැසක් මේ වනවිටත් ආරම්භ කර සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සමත්ව සිටී.

  • වෙන්කරන ලද කසල බාර ගන්නා විශේෂ ටේලරය
    ඇහැලියගොඩ සතිපොළ භූමිය තුළ තබා ඇති විශේෂ ටේලරයක් මගින් වෙන් කරන ලද කසල බාරගැනීම සිදුකරනු ලැබේ. සෑම දිනකම පෙරවරු 4.00 සිට 7.00 දක්වාත් පස්වරු 5.00 සිට 8.00 දක්වාත් මෙම ටේලරය සතිපොළ භූමිය තුළ නවතා ඇත.
  • ට්‍රැක්ටර් රථ සඳහා GPS උපකරණ සවිකිරීම
    කසල එකතු කිරීමේ ට්‍රැක්ටර් රථ ගමන් කරන ආකාරය නිරීක්ෂණය සඳහා GPS උපකරණ සවිකර ඇත.
  • ට්‍රැක්ටර් රථ සඳහා විශේෂ නලා සවිකිරීම
    කසල එකතු කිරීමේ ට්‍රැක්ටර් රථ අදාළ මාර්ගයේ ගමන් කරන ආකාරය මහජනතාව වෙත පහසුවෙන් සන්නිවේදනය කිරීම පහසු කිරීමට කසල එකතු කිරීමේ ට්‍රැක්ටර් රථ සඳහා විශේෂ නාද මාලාවක් නාද වන නලා සවිකර ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පරිසර පොලිස් අංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී රාජ්‍ය ආයතන වලින් ද ඇහැලියගොඩ තරුණ ප්‍රජාව, මනුසත් බලකාය ආදී ප්‍රජා සංවිධාන මගින් ද කසලින් තොර පිරිසිදු නගරයක් හා බල ප්‍රදේශයක් නිර්මාණය කිරීමට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව වෙත ලැබෙන නොමද සහයෝගය අගය කළ යුතුය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය 

                2025 - 2030 ක්‍රියාකාරී සැලැස්ම