ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය නංවාලීම උදෙසා ජනතාව වෙත නොමිලේ ආයුර්වේද වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයාදීම උදෙසා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක්ම ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන

දිවුරුම්පිටිය මහින්ද රාජපක්ෂ නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
සායනික වේලාව :
සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දක්වා - පෙ.ව. 08.00 සිට ප.ව.04.00 දක්වා
සෙනසුරාදා - පෙ.ව. 08.00 සිට ප.ව. 12.00 දක්වා

දම්මුල්ල නිදහස් ආයුර්වේද වෛද්‍ය මධස්ථානය
සායනික වේලාව :
සෑම අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දක්වා - පෙ.ව. 08.00 සිට ප.ව.04.00 දක්වා
සෙනසුරාදා - පෙ.ව. 08.00 සිට ප.ව. 12.00 දක්වා

කීනගහවිල නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
සායනික වේලාව :
සෑම බදාදා දිනකම පෙ.ව. 08.00 සිට ප.ව. 03.00 දක්වා

පොහොය දිනයන්හිදී හා සියළුම රජයේ නිවාඩු දිනයන්හිදී වසා තැබේ.