ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල
දැනුමින් පරිපූර්ණ ආකල්ප සංවර්ධනය කිරීම මගින්, යහපත් සමාජයක් ගොඩනැගීම පරමාර්ථ කරගනිමින්, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව යටතේ පුස්තකාල 04ක් සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි ස්ථාපනය කර ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.
• ඇහැලියගොඩ මහජන පුස්තකාලය
• දම්මුල්ල මහජන පුස්තකාලය
• ගැටහැත්ත මහජන පුස්තකාලය
• පලීගල මහජන පුස්තකාලය
ජාත්‍යන්තර ඩිවි දශම වර්ගීකරණයට අනුගතව, පාඨක පහසුව සැළසෙන පරිදි පුස්තකාල වෙන් වෙන්ව අංශ සඳහා වෙන් කර අනුව වර්ග කර ඇත.
බැහැර දීමේ අංශය
බැහැර දීමේ අංශය මඟින් පුස්තකාල සාමාජිකත්වය දරන පාඨක සියළු දෙනා හට ග්‍රන්ථ බැහැරට රැගෙන යාමේ පහසුව සලසා ඇත. එක් එක් අංශ වෙන් වෙන්ව සිංහල, දෙමළ, ඉංග්‍රීසි ලෙස ද පාඨකයාට පහසුවෙන් ග්‍රන්ථ වෙත ළඟා වීමට වෙන් කර ඇත.
විමර්ශන අංශය
විමර්ශන අංශයේ දුරලභ ග්‍රන්ථ හා පාඨකයන්ට නිතරම අවශ්‍ය වන ග්‍රන්ථ පරිශිලනය කිරීමට අවස්ථාව ඇත. පාඨකයන්ට බැහැර ගෙන යාමට ඉඩ නොදෙන අතර, පුස්තකාලය ඇතුළත දී මෙම ග්‍රන්ථ පරිශීලනය කළ හැකිය.
ළමා අංශය
වයස අවු. 12 ට අඩු දරුවන් සඳහා ළමා අංශය වෙන් කර ඇත. මෙහි දරුවන් සඳහා සුදුසු ග්‍රන්ථ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍යයන් ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකිය.
සඟරා අංශය
මාසිකව නිකුත් කරනු ලබන සඟරා සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍යයන් ත්‍රිත්වයෙන්ම ඇත. බැහැර ගෙන යාමට ඉඩ නොදෙන අතර, පුස්තකාලය ඇතුළත දී පරිශීලනය කළ යුතුය.
පරිගණක අංශය
පුස්තකාලයේ පරිගණක අංශයක් ස්ථාපිත කොට ඇත. එහිදී පාඨකයන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම් නොමිලේම පරිහරණයට අවස්ථාව සලසා ඇත. අධ්‍යාපනික කරුණු සඳහා පමණක් අවස්ථාව හිමි වේ.
පුවත්පත් අංශය
පුස්තකාලයේ ජාතික පුවත් පත්, දෛනික පුවත්පත්, ජෝතිෂ්‍යය, කාන්තා, අධ්‍යාපනික හා ළමා යන සියලුම කොටස් ආවරණය වන සේ පුවත්පත් පරිශීලනය කිරීමේ අවකාශ සලසා ඇත.
පුවත්පත් කැපුම් අංශය
පුස්තකාලීය පුවත්පත් කැපුම් අංශය මඟින් පොත පතින් සොයා ගත නොහැකි දැනුම මෙම පුවත්පත් කැපුම් අංශය හරහා ලබා ගත හැක.
පොත් බැදුම් අංශය
පුස්තකාලයේ භාවිතයෙන් පසු කැඩුණු, බිදුණු ග්‍රන්ථ නැවත පිරිසැකැස්ම සඳහා මෙම අංශය පවත්වා ගෙන යනු ලබයි.
මහජන පුස්තකාලවල සාමාජිකත්වය ලබා ගන්නා ආකාරය
පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීමේ අයදුම්පත්‍රය පුරවා, පහත නිලධාරීන් මගින් අයදුම්පත්‍රය සනාථ කර, නියමිත ගාස්තුව ගෙවා, ඔබ අයත් මහජන පුස්තකාලය වෙත අයදුම්පත්‍රය භාර දෙන්න.
01. පාසල් අයදුම්කරුවෙකු නම් ඔහු හෝ ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා
02. පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී
(අයදුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් හෝ පුස්තකාලය මගින් ලබාගත හැක.)
පුස්තකාල සාමාජිකත්වය ලබාගැනීම සඳහා පහත සුදුසුකම් තිබිය යුතුය.
- සාමාන්‍ය සාමාජිකත්වය ලබාගැනීම සඳහා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවෙකු හෝ දේපල හිමියෙකු හෝ රැකියාවක් කරන්නෙකු වීම.
- ළමා සාමාජිකත්වය සඳහා වයස අවුරුදු 11ට අඩු ප්‍රදේශයේ පාසලක හෝ පිරිවෙනක ඉගෙනුම ලබන්නෙකු වීම.
සාමාජික ගාස්තු
- සාමාන්‍ය සාමාජිකයෙකු සඳහා වාර්ෂික සාමාජික ගාස්තුව රු. 100.00කි. වසරකට වරක් රු. 50.00ක් ගෙවා සාමාජිකත්වය අලුත් කරවා ගත යුතුය.
- ළමා සාමාජිකත්වය සඳහා සාමාජික ගාස්තුව රු.100.00කි. වසරකට වරක් රු. 50.00ක් ගෙවා සාමාජිකත්වය අලුත් කරවා ගත යුතුය.
ඇපකරුවන්
- සාමාන්‍ය සාමාජිකයින් සඳහා ඇපකරුවන් වශයෙන් රාජ්‍ය සේවයේ නියුතු ඇහැලියගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු, ඇපකරුවෙකු වශයෙන් අත්සන් කළ යුතුය.
- ළමා සාමාජිකත්වය සඳහා ඇපකරුවන් වශයෙන් බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි රාජ්‍ය සේවකයෙකුට අමතරව ඔවුන්ගේ මව, පියා, භාරකරුවන් අත්සන් කළ යුතුය.
පුස්තකාලයෙන් බැහැර ගෙනයන පොතක් නැවත භාරදීම, නියමිත දිනට පසුවන සෑම දිනයක් සඳහාම එක් පොතක් සඳහාම දිනකට අයකරන ගාස්තුව - රු.1.00කි.
ඇහැලියගොඩ මහජන පුස්තකාලය
ලිපිනය - මහජන පුස්තකාලය, ඇහැලියගොඩ
සාමාජික සංඛ්‍යාව - 7637
ග්‍රන්ථ සංඛ්‍යාව (2025 වර්ෂය වනවිට)- ග්‍රන්ථ 19734ක් පරිග්‍රහණ ගතකොට ඇත
දම්මුල්ල මහජන පුස්තකාලය
ලිපිනය - දම්මුල්ල මහජන පුස්තකාලය, දම්මුල්ල, කරදන
සාමාජික සංඛ්‍යාව - 1436
ග්‍රන්ථ සංඛ්‍යාව (2025 වර්ෂය වනවිට)- ග්‍රන්ථ 7817ක් පරිග්‍රහණ ගත කොට ඇත
පලීගල මහජන පුස්තකාලය
ලිපිනය - මහජන පුස්තකාලය, පලීගල
සාමාජික සංඛ්‍යාව - 562
ග්‍රන්ථ සංඛ්‍යාව (2025 වර්ෂය වනවිට) - ග්‍රන්ථ 4209 ත් පරිග්‍රහණ ගතකොට ඇත.
ගැටහැත්ත මහජන පුස්තකාලය
ලිපිනය - විජය කුමාරතුංග අනුස්මරණ මහජන පුස්තකාලය, ගැටහැත්ත
සාමාජික සංඛ්‍යාව - 1201
ග්‍රන්ථ සංඛ්‍යාව (2025 වර්ෂය වනවිට) - ග්‍රන්ථ 6064 පරිග්‍රහණ ගතකොට ඇත.